‘දුරකතන ටැප් කළ යුගය අවසන්‘


‘ජනවාරි 08 වැනිදාට පෙර  සාමාන්‍යයෙන් අපේ ප්‍රාදේශීය සභා මන්ති්‍රවරුන් එක්ක කතා කළහම කෑ ගහනවා කතා කරන්න එපා දුරකතන  ටැප් කරනවා කියා. රාජ්‍ය නිලධාරින් දුරකතනයෙන් නිදහසේ කතා කළේ නැහැ. රටේ සාමාන්‍ය පොදු මහජනතාව නිදහසේ කතා කළේ නැහැ. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින් දුරකථනයෙන් නිදහසේ කතා කළේ නැහැ. මේ හැම කෙනෙකුටම අඩුම වශයෙන් දුරකථනයෙන් නිදහසේ කථා කරන්න නිදහසක් තිබුණේ නැහැ. මේ මාස 03 තුළ ඒ නිදහස ශක්තිමත් වෙලා තිබෙනවා.‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති ජාතිය අමතමීන් කීවේය.